රුසියන් හමුදා යුක්‍රේනයේ කීව් අගනුවර වටලා දිගට හරහට පහර දෙද්දී, කීව් අගනුවර සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට රැගෙන යෑමට සත්වෝද්‍යාන බලධාරීහු සහ සේවකයෝ කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සත්වෝද්‍යාන බලධාරීන් ප්‍රකාශ කළේ තමන් දිවි පරදුවට තබා සත්වෝද්‍යානයේ සතුන් ආරක්ෂා කර ගත් බවය.දින 6 ක ගමනකින් පසු එම ට්‍රක් රථ පෙළ මෙට්යාකා දේශසීමාව හරහා පෝලන්තයට ඇතුළු වුණු බවත් සතුන් පෝලන්තයේ පොස්නාන් සත්වෝද්‍යානයට ගෙන ගිය බවත් එම වාර්තා සදහන් කලේය.