ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් මහතා හදිසි හෘදයාබාධයකින් අද (04) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
තායිලන්තයේ සංචාරයක් අතරතුරදී ඔහු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම දකුණතින් පා දඟ පන්දු යවන්නකු වන ෂේන් වෝන් මුත්තයියා මුරලිදරන්ට පෙර වැඩිම ටෙස්ට් කඩුලු වාර්තාව හිමිකරගනෙ සිටියේය.
ෂේන් වෝන් අභාවප්‍රාප්ත වන විට 52 වියේ පසුවිය.
