ගාල්ල ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය කියන්නෙ ලෝකයේ තියන සුන්දරතම ක්‍රීඩාපිටියක් හැබැයි 2004 දෙසැම්බර් 26 වනදා තවදුරටත් ඒ සුන්දරත්වය ගාල්ල ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ජීවිත දේපළ රැසක් අහිමි කරවපු සුනාමිය ඒ සුන්දරත්වය සම්පූර්ණයෙන් බිලිගන්න සමත්විය.
එලෙස ලෝකයේ අලංකාරම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වුන ගාල්ල ක්‍රීඩාංගනයට සිදුවුනු විනාශය හමුවේ ලෝක ක්‍රිකට් ප්‍රජාවම කම්පනයට පත්වෙද්දි තමන්ගෙ ක්‍රීඩා දිවියේ 500 වෙනි ටෙස්ට් කඩුල්ල ගාල්ලෙදීම දවාගත්තු ලෝකයේ බිහිවුනු විශිෂ්ඨතම පා දඟ පන්දු යවන්නෙකු සිටියා.. ඔහු නමින් ෂේන් වොර්න් ය..
ගාලු ක්‍රිඩාංගණයට සිදුවු විපත දැක ඔහු දැඩි කම්පාවට පත් විය. පසුව ඔහු ගාල්ලට පැමිණිමට අදිටන් කරගෙන සිය මිතුරෙකු වු මුත්තයියා මුරලිදරන්ට කතා කර ශ්‍රි ලංකාවට පැමිණීයේය
ඔහු ගාල්ලට පැමිණි අවස්ථාවේ ගාලු ජනතාව ඉතා උණුසුම් ලෙස ඔහු පිලිගනු ලැබිය..එහිදි ගාලු ක්‍රීඩාංගනයට සිදුවී තිබුණු විපත දැක ෂේන් වොර්න් සංවේදී විය. ෂේන් වොර්න් දැක ගැනිමට පැමිණි පිරිසද එම අවස්ථාවේ ඔහු දැක සංවේදී වුහ..
එහිදි ෂේන් වොර්න ගාල්ල ජ්‍යාත්‍යන්තර ක්‍රීඩාංගනය නැවත ගොඩනංවන්න තමන්ගෙ පෞද්ගලික ධනයෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කලේය.
එතනින් නොනැවතුනු මේ ක්‍රීඩකයා “ගුණ ජය සතුට පදනම” හරහා සුනාමියෙන් බැටකෑ ශ්‍රී ලාංකිකයන් දෙපයින් නගා සිටවීමේ ව්‍යාපෘතියට තමන්ගෙ නොමසුරු දායකත්වය ලබාදුන්නේය..
සුනාමියෙන් දෙමව්පියන් අහිමි දරුවන්ට ද උදවු කිරිමට අමතක නොකලේය.. ගාල්ලේ දී දරුවන් සමග ගත කල අවස්ථාවේ ද ෂේන් වොර්න් සංවේදි විය. එම සිද්ධියෙන් පසු ක්‍රිකට් පිටියේ හතුරෙකු ලෙස ප්‍රකටව සිටි මෙම ක්‍රිඩකයා ශ්‍රි ලාංකීයන් අතර ගෞරවයට හා ආදරයට පාත්‍රවිය.
ගාල්ලේ පාසල් ක්‍රිකට් ක්‍රිඩකයින්ටද සිය දැනුම බෙදා දෙමින් උදවු කලේය.
කලක් මෙරට ජනතාව අතර දුෂ්ටයෙකු වු ෂේන් වොර්න් සංවේදී මිනිසෙකු බව එදා මුළු රටම දැන ගත්තේ ය