ගාල්ල කොන්ගහ ප්‍රදේශයේ නිවසක අද (05) රාත්‍රියේ ඇති වූ ගින්නකින් වාහන දෙකක් ඇතුළු උපකරණ කීපයක් ගිනිගෙන විනාශ වී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි
අද රාත්‍රී 8.00 පමණ මෙම ගින්න හටගෙන ඇති බවත් ඒ සමගම ප්‍රදේශවාසීන් සහ ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ගින්න නිවා දමා තිබේ. ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ දෙකක් යොදාගත් බවද පොලිසිය පවසයි.
පරණ බඩු ගබඩා කර තිබූ නිවසක මෙම ගින්න හටගෙන තිබේ. සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර ගින්නෙන් මෝටර් රථයක් සහ ලොරි රථයක්, ජෙනරේටර ඇතුළු උපකරණ කිහිපයකටද හානි සිදු වී තිබේ
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි