ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද (06) අලුයම මියගොස් ඇතැයි ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය 03 වනදා රිමාන්ඩ් කරන ලද සැකකරුවෙකි.
සැකකරු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (05) අලුයම අසනිප තත්වය උග්‍රවිම නිසා කරාපිටිය රෝහලට යැවිමට කටයුතු කරමින් සිටියදි බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා පැමිණ පරික්ෂා කර බලා මියගොස් ඇති බව තහවුරු කර ඇත.
මියගිය අයගේ මහේස්ත්‍රාත් පරික්ෂණය කරාපිටිය රෝහලේදි සිදු කිරිමට නියමිතව තිබින.