ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් එතනෝල් නොලැබෙන බව නිෂ්පාදන සමාගම් සුරාබදු
දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
සෙවනගල පැලවත්ත සහ ගල්ඔය සීනි කර්මාන්ත කර්මාන්තශාලා ශාලා එතනෝල් දේශීයව නිෂ්පාදනය කරන්නේ උක්ගස් භාවිතා කරමිනි. තවත් සමාගමක් බඩඉරිඟු භාවිතා කරමින් එතනෝල් නිෂ්පාදනය කරයි. කෙසේ වෙතත් ආණ්ඩුව 2020 ජනවාරි මස සිට එතනෝල් ආනයනය අත්හිටුවා තිබේ.
ඩීසල් හිඟය හා විදුලි කප්පාදුව නිසා ජෙනරේටර් කුලී පදනම කුලී පදනම මත ලබා ගැනීම හේතුවෙන් අමතර වියදමක් දැරීමටද සිදුව ඇති බව අනාවරණය වේ.
කෙසේ වෙතත් නියමිත පරිදි එතනෝල් නොලැබුණහොත් මාර්තු 22 දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බව ද මෙරට ප්‍රධානතම මත්පැන් නිෂ්පාදනාගාරය සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ
අරුණ