ශ්‍රි ලංකාව වටා කිලෝමීටර 5000ක් ඇවිද ගිය ගාල්ලේ නිහඬ වීරයා

වෘත්තියෙන් වතු කම්කරුවෙකු වන බාලකුමාර අගෝස්තු මස 25 වන දින රටට සාමය සෞභාග්‍ය උදා කරන ලෙස ඉල්ලමින් ශ්‍රි ලංකාව වටා ගමන් කිරිමට පින්නදුව නගරයෙන් ආරම්භ කල පා ගමන අද (03) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සාර්ථකව නිමා කලේය.

සුබ්‍රමනියම් බාලකුමාර මේ වනවිට 50 හැවිරිදි වියේ පසුවන ගාල්ල මහමෝදර පදිංචිකරුවෙකු වන අතර ගාල්ලේ ආරම්භ කළ මෙම පා ගමන දිවයින වටා ඇති සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් කිලෝමීටර 5000ක් ගෙවමින් දින 57ක කාලයක් තුළ මෙම ගමන නිමා කළේය.

බාල කුමාරගේ ජිවිතය ඉතා දුක්බරය. බාලකුමාර කුඩා කලදීම පියා ඔහු සහ මව අතහැර ගොස් ඇත. අම්මා බාලකුමාර ඇතිදැඩි කිරීමට ගෙවල්වල වැඩට ගිය අතර කුඩාකලම ඔහුගේ ඉගෙනුමටද තිත තැබීන. ඉන්පසු ඔහු කිසිදු පාසලකට ගොස් නැත. නමුත් මොහුට සිංහල සහ දෙමළ භාෂාව ඉතා චතුර ලෙස හැසිරවිය හැක.

බාලකුමාර පාසල් නොගියත් තම වියපත් මව බලා කියා ගැනීමට අවුරුදු දාහතරේදී ගාල්ල මහජන පොල ඉදිරිපිට පාර අයිනේ කුඩයක් යට සපත්තු මහන්න පටන් ගත්තේය. පසුව ඔහු ක්‍රීඩාවට අත පොත් තබන්නේ මහමෝදර සඳරැස් ක්‍රීඩා සමාජයේ මීටර් පන්දාහේ තරගයට සහභාගි වෙමිනි. එහි තුන්වන ස්ථානය බාලකුමාර දිනා ගත්තේය. බාලකුමාරට සුනාමියේදි තමන් ජීවත් වූ මහමෝදර නිවාසය ද අමාරුවෙන් තමා ජීවත් කිරිමට වෙහෙස දැරූ මවද අහිමිවිය.

ඉන්පසු ක්‍රීඩාවට යොමු වූ ඔහු 2020 වසරේ කොරෝනා සමයේ රටට සෙත් පතා පින්නදූවේ සිට යාපනය බලා කිලෝමීටර් 1500 ක පාගමනක් ගියේය. 2021 වසරේදි ද පින්නදුවෙන් කිලෝමීටර් 2000 පාගමන පා ගමන ආරම්භ කර. එය දින 45ක් තුළදී නිම කලේය. 2022 වසරේද කිලෝමීටර් 2500 ක පාගමනක් දින 52 ක දී අවසන් කලේය.

පාගම අවසන් කරන අවස්ථාවට සහභාගිවූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි මහතා ඔහුට සුභ පැතුම් පිරිනැමූ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් පිරිසක් ඔහුට මුදල් ත්‍යාගයද ලබා දුන්නේය..

Werzuo Digital

Leave a Reply