මිරිස්සෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදි අනතුරට

මෙරට ධීවරයින් 5 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදි අනතුරට පත්ව තිබේ.

පසුගිය 12 වැනිදා ධීවර කටයුතු සඳහා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය – රන්මුතු දුව 10 – නැමැති ධීවර යාත්‍රාව පසුගිය 26  වැනිදා එලෙස අනතුරට පත්ව ඇති බව වාර්තාවේ.

එම ධීවරයින් යාත්‍රාවේ හිමිකරුට දන්වා ඇත්තේ, අනතුරට ලක්වූ යාත්‍රාව මේ වන විට ඉන්දියාව දෙසට පාවෙමින් පවතින බවයි.

අනතුරට ලක්ව ඇති ධීවර යාත්‍රාවට සහාය වීම සඳහා වෙනත් යාත්‍රාවක් ද මේ වනවිට එම මුහුදු ප්‍රදේශයට පිටත් කර යවා තිබේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය දැනුවත් කළ බව, ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Werzuo Digital

Leave a Reply