ගාලු කොටුවේ සහ තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක පදිංචි බවට ඡන්ද නාම ලේඛනයේ නම තිබෙන බොහෝ දෙනෙකු එම ලිපිනයන්හි පදිංචි නැති බවට අනාවරණයවී ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්‌යාල ආරංචි මාර්ග පවසයි.
ගාල්ල කොටුවට අමතරව විශේෂයෙන්ම ගාල්ල නගරාසන්නයේ තිබෙන ජනප්‍රිය පාසල් අයත් ග්‍රාම සේවා වසවල මෙම තත්වය වඩාත්ම දක්නට ලැබෙන බව එම ආරංචි මාර්ග පවසයි.
ගාල්ල කොටුවට අමතරව සංඝමිත්තපුර, බෙලිගහ හන්දිය, ජුල්ගස් හන්දිය, කළුවැල්ල ආදී වසම්වල ලිපිනයන්හි පදිංචි බවට ඡන්ද නාම ලේඛනයේ නම සඳහන්ව තිබුණත් එසේ නම සඳහන් බොහෝ දෙනා පිට ප්‍රදේශවල පදිංචි බවටත් ළමයින් ජනප්‍රිය පාසල් වලට ඇතුළත් කර ගැනීම සඳහා විවිධ ක්‍රම මගින් මෙසේ ඡන්ද නාම ලේඛනයට නම් ඇතුළත් කරගෙන ඇති බවටත් අනාවරණය වී තිබෙන බව එම ආරංචි මාර්ග පවසයි