පිටිගල මාරක රිය අනතුරකින් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

ඇල්පිටිය පිට්ගල මත්තක හන්දියේ දි අද (25) පස්වරුවේ මෝටර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් එකම පවුලේ පියා සහ පුතා මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මියගිය පියා අසනිප තත්වයක් හේතුවෙන් කරාපිට්ය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා මෝටර් රථයෙන් නිවසට පැමිණෙමින් සිටියදි පිට්ගල දෙස සිට මාපලගම දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයේ ගැටි මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉදිපලේගොඩ පිටිගල පදිංචි අවුරුදු 70 පමණ වන පියා සහ ඔහුගේ 49 හැවිරිදි පුතා බව පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (26) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply