අධික වර්ෂාවෙන් ජිවිත 06ක් අහිමි වෙයි – අවිස්සාවේල්ලට මිලිමීටර 400 ඉක්මවූ වර්ෂාපතනයක්

අවිස්සාවේල්ල, පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 36ක මව,  අවුදුරු 07ක දියණිය සහ වයස අවුරුදු 78ක සීයා ය.

අද අලුයම අදාළ නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් නිවස ජලයෙන් යටවී ඔවුන් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

මේ අතර තවත් අයකු පස් කන්දක් කඩා වැටීම නිසා මියගොස් ඇති බවද පොලිසිය පවසයි.

මේ අතර දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මීට අමතරව තවත් පුද්ගලයෙකු  තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර තිබේ

ඊයේ (01) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

මෘත ශරීර ඇල්ලේවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර දෙයියන්දර පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරයි.

අද (02) උදෑසන 7 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තාවෙයි. එහි අගය මිලිමීටර 427.5ක්. ඉංගිරිය හල්වතුරවත්ත ප්‍රදේශයට මිලිමීටර 348.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසිය.

Werzuo Digital

Leave a Reply