මහමෝදර රෝහල සාමාන්‍ය රෝහලක් කරන ලෙස ජනතාව ඉල්ලයි

ගාල්ල මහමෝදර පවත්වා ගෙන ගිය දකුණු පළාතේ ප්‍රධානම මාතෘ රෝහල කරාපිටියේ ඉදිකරණ ලද නව ගොඩනැගිලි පරිශ්‍රය වෙත ගෙන යනු ලැබුවේ මෙයට මාස තුනකට පමණ පෙරය. එහෙත් ලිංගාස්ශ්‍රිත රෝග සායනය, බාහිර රෝගි අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය,දන්ත සායනය රුධිර පරික්ෂනය ඇතුලු සායන කිහිපයක්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයද ඇතුලු අංශ කිහිපයක් තවමත් ක්‍රියාත්මක වන්නේ පැරණි රෝහලේය.

එසේ වුවද රෝගින් පවසන්නේ අවශ්‍ය උපකරණ සහ ප්‍රමාණවත් සේවක පිරිසක් නොමැතිවිම නිසා තමන් මහත් පිඩාවට පත්වන බවය.

ඒ නිසා අවශ්‍ය පහසුකම් සහ කාරය මණ්ඩලය ලබාදි පැරණි මහමෝදර රෝහල සාමාන්‍ය රෝහලක් ලෙස පවත්වා ගෙන යාමට කටයුතු කරන ලෙස ප්‍රදේශවාසිහු රජයෙන් ඉල්ලා ඉල්ලා සිටිති.

මෙම රෝහල වසර 300 පමණ පැරණි රෝහලකි. මාතර කොළඹ ප්‍රධාන මාරගය අයිනේ පිහිටා තිබිමත් ගාල්ල නගරාසන්නයේ  පිහිටා තිබිමත් ජනතාවට ඉතා පහසුවක් බව පෙන්වාදෙන ප්‍රදේශවාසින් පවසන්නේ කල යුත්තේ අවශ්‍ය පහසුකම් ලබාදි මෙය සාමාන්‍ය රෝහලක් ලෙස පවත්වා ගෙන යායුතු බවය.

බාහිර රෝගි  ප්‍රතිකාර අංශයට දිනපතා රෝගින් තුන්සියයකට අධික සංඛ්‍යාවක් පැමිණෙන අතර අනෙක් සායනවලටද විශාල පිරිසක් පැමිණෙන බව රෝහල් සේවකයෝ පවසති. 

මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති නිසා හදිසි අනතුරුවලින් සිදුවන තුවාල සඳහා ප්‍රතිකාර ගැනිමට පැමිණෙන්නේද මෙම රෝහලටය.

සියලුම අංශ සඳහා දැන් සිටින්නේ වෛද්‍යවරු තිදෙනෙක් හෙදියන් තිදෙනෙක් පමණක් වන අතර සුළු සේවකයින් සිටින්නේද එක් අංශයකට එක් අයකු බැගින් පස් දෙනෙක් පමණි.මේ නිසා ඔවුන් කිසිවෙකුටත් නිවාඩුවක් ගැනිමට නොහැකිව ඇත.

Werzuo Digital

Leave a Reply