අක්‍රිය වු දුම්රිය විදුලි සංඥා නිසා තරුණයන් 03 දෙනෙකුට දිවි අහිමි වෙයි

ගාල්ල  බූස්ස පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදි අද (23) සවස මරදාන සිට මාතර බලා ධාවනයවු රුහුණු කුමාරි සිඝ්‍රගාමි දුම්රියේ යතුරු පැදියක් හැපි එහි ගමන් ගත් තරුණයින් තිදෙනාම මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තෙලිකඩ පොලිස් වසමට අයත් රෙජ්ජිපුර ප්‍රදේශයේ පදිංචි 19 තරුණයින් දෙදෙනෙකු සහ 18 හැවිරිදි තරුණයෙකි.

මෙම දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය විදුලි සංඥා අක්‍රිය වී ඇති බවත් ඒ හේතුවෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි

ඔවුන් අද සවස යතුරු පැදියෙන් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදි දුම්රියේ හැපි ඇති අතර තිදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති බවත් අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුලත්කිරිමෙන් පසු මියගිය බවත් පොලිසිය පවසයි.

මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණ හෙට (24) කරාපිටිය රෝහලේ දී පැවැත්විමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂන පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply