හෙට සිට සියලුම ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට ආහාර වේලක්

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා දිවයිනේ සියලු පාසල් දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල හෙට (25) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

පෝෂණවේදීන්ගේ නිර්දේශ සැළකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට පෙර මෙම ආහාරවේල ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා සියයට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු පාසල් ආවරණය වන පරිදි එම ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇත.

මේ සඳහා රුපියල් මිලියන 16,600ක මුදලක් අයවැය මඟින් සෘජුවම පළාත් සභා 09 වෙත වෙන්කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු සංවිධාන කිහිපයක් අනුග්‍රහය දක්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply