27 වනදා දක්වා වැසි සහිත කාලගුණ තත්ත්වයක්

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ලබන 27 වැනිදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද (24) නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය

Werzuo Digital

Leave a Reply