ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් කරනවා – ජනාධිපති

ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බවය.

ගාල්ල කොටුව ආශ්‍රිතව පවතින රජයේ කාර්යාල රැසක් එම ස්ථානවලින් ඉවත් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ජනාධිපතිවරයා පවසයි.

ගාල්ල හෝලුවාගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ඊයේ (13) සඳහන් කළේය.

“අපිට සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න තියෙනවා. ඒක දියුණු කිරීමේ විශාල තැනක් තියෙන්නේ දකුණට. දකුණේ ප්‍රධාන වෙන්නේ ගාලු නගරේ. ගාලු කොටුවේ තියෙන රජයේ කාර්යාල සියල්ල ඉවත් කරලා හෝටල්, ආපන ශාලා දාන්න දෙනවා. තව කීදෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන් ද ? මහ මෝදර රෝහල තියෙන තැනත් අක්කර 10ක් විතර තියෙනවා හොඳ සංචාරක කලාපයක් කරන්න. අපිට මුදල් දෙන්න තියෙනවා බන්ධනාගාරය ඉවත් කරන්න. මේ ප්‍රදේශයේ ම තියෙනවා ගොඩනැගිලි ගණනාවක් ඉවත් කරලා මෙතෙන පටන් ගන්න. එයාලා ඇවිත් හම්බ කරන්න ඕනේ. ගාල්ල අපේ ප්‍රධාන සංචාරක නගරය බවට පත්වෙන්න ඉඩ තියෙනවා. ඩොලර් 100, 50 ගන්න එක මදි. අපි ඩොලර් 200, 300, ගන්න බලන්න ඕනේ. ඒ කාලේ එක්කෙනෙක් කිව්වා ලංකාවේ ඇවිත් හොඳට ආප්ප කාලා යනවා. තමුසෙලා පිස්සෝ. අපි හිටියා නම් ඩොලර් 10කට තමා දෙන්නේ කිව්වා. අපි දැන් බලන්න ඕනේ උපරිම මුදල් ටික මේකෙන් ගන්න.

Werzuo Digital

Leave a Reply