තැපෑලෙන් කියා එවන වංචනික SMS ගැන ජනතාවට දැනුම් දීමක්

තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

එවැනි කෙටි පණිවුඩ වෙත සිය රහස්‍ය තොරතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙස තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාව වෙත දැනුම් දෙයි.

පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවුඩයක් ලෙස ව්‍යාජ ලෙස සකස් කළ කෙටි පණිවුඩයක් මහජනතාව වෙත යවා ණය කාඩ්පත් දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් සිදුකරන බවට හෙළිවී තිබේ.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post ආදී නම් යොදා ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ද උපක්‍රමිකව අවභාවිත කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කෙරේ

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ සිය දෙපාර්තමේන්තුව විසින් කෙටි පණිවුඩ මගින් ණය කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදු නොකරන අතර ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගණුදෙනුවක් සිදු නොකෙරෙන බවය.

එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අවශ්‍ය නම් තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව 1950, තොරතුරු තාක්ෂණ අංශය 011 2542104, 011 2334728, 0112335978, 011 2687229, 011 2330072 යන අංක වෙත ඇමතීමෙන් ලබාගත හැකිය

Werzuo Digital

Leave a Reply