මැදපෙරදිග අර්බුදය සමග බොරතෙල් මිල ඉහළට

මැදපෙරදිග ගාසා තීරයේ පවතින යුද උණුසුම හේතුවෙන් ලෝක බොර තෙල් මිල වැඩිවෙමින් පවතින බව විචාරකයෝ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල 5.7%කින් වැඩිවූ අතර එය සඳහන් වූයේ ඩොලර් 91.20ක් ලෙසය.

නමුත් අද (16) ද බොර තෙල් මිලෙහි වැඩි වෙනසක් සිදුනොවිණි.

ඊශ්‍රායෙල් – හමාස් අර්බුදය අනෙකුත් ප්‍රදේශවලටත් පැතිරයාමට ඉඩ ඇති බැවින් එය ලෝක බොර තෙල් වෙළෙඳපොළට සුබදායී පණිවුඩයක් නොවන බව විචාරකයින් උපුටා දක්වමින් එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය

Werzuo Digital

Leave a Reply