පලස්තීන හමාස් සටන්කාමී සංවිධානයේ තුවක්කුකරුවන් විශාල පිරිසක් එල්ල කල අනපේක්ෂිත ප්‍රහාරයකින් පසු ගාසා තීරයෙන් දකුණු ඊශ්‍රායලයට ඇතුළු වීමත් සමඟ තමන් යුද්ධයකට එළඹ සිටින බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සටන්කාමී සාමාජිකයෝ ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර එල්ල කරමින් අද අළුයම් කාලයෙන් පසු ආරක්ෂිත වැට තරණය කර තිබෙන බව එහි සදහන්ය.
තුවක්කුකරුවන් විසින් අවම වශයෙන් එක් ඊශ්‍රායල ජාතිකයෙකු මරා දමා ඇති අතර රොකට් ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
හමාස් සංවිධානයට කිසිදා අත්නොදුටු ප්‍රතිවිපාකයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත.
ප්‍රහාරක ජෙට් යානා ගණනාවක් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බවත්, දහස් ගනනක් සෙබළුන් බලමුලු ගන්වා ඇති බවත් ඊශ්‍රායල හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායලයට සිදුවූ හානි මෙතෙක් වාර්තා ලැබී නොමැත.
යුදෙව් සබත් දිනය සහ සිම්චැට් ටෝරා උත්සවය පැවැත්වෙන දිනය උදාවීමෙන් පසු හමාස් විසින් පාලනය කරනු ලබන ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර එල්ල කිරීම ආරම්භවි තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.
ඊශ්‍රායලය පුරා සයිරන් හඬ නාද වෙමින් ඇති අතර, “ත්රස්තවාදීන්” ඊශ්‍රායල භූමියේ “විවිධ ස්ථාන ගණනාවකට” රිංගා ඇති බව ඊශ්‍රායල් හමුදාව නිවේදනය කළේය.
ඊශ්‍රායල හමුදාව විසින් දකුණු සහ මධ්‍යම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ගාසා තීරය ආශ්රිත ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථාන අසල සහ නවාතැන් තුළ රැඳී සිටින ලෙස ද නිවේදනය කර තිබේ.
දකුණු දිග නගරයක් වන අෂ්කෙලෝන්හි රෝහලක් අනාවරණය කළේ තුවාල ලැබූවන් 68 දෙනෙකුට ප්‍රතිකාර කරන බවත්, බියර් ෂෙවාහි තවත් රෝහලක් තවත් 80 දෙනෙකුට ප්‍රතිකාර කරන බවත් නවතම විදෙස් වාර්තා සඳහන් කළේය.
BBC ඇතුළු විදෙස් මාධ්‍ය