ටොංගා රාජ්‍යයේ නියේෆු හි ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පැවසීය.
රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පැවසීය.
මෙම භූකම්පනය ටොංගා හි ප්‍රදේශ රැසකට දැනී අතර සුනාමි අවදානමක් නොමැති බව එරට කාලගුණ අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භූකම්පනයෙන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.