පරිඝනක ලෝකයම ආක්‍රමණය කළ “GIF” නිර්මාතෘවරයා ලෙස ප්‍රකට අමෙරිකානු ජාතික පරිඝනක විද්‍යාඥයෙකු වූ ස්ටීවන් විල්හයිට් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 74 වන වියෙහි පසුවිය.
ඔහු 1987 වසරේදී මෙම Graphics Interchange Format නොහොත් “GIF” ආකෘතිය නිර්මාණය කර තිබේ. අනතුරුව 2010 වසරවන විට “GIF” අන්තර්ජාලය ආක්‍රමණය කිරීමට සමත් විය.
සමාජ මාධ්‍ය පරිශීලනය කරන බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කිරීමේදී භාවිත කරන චලනය වන එසේත් නැතිනම් සජීවීකරණ GIF මාධ්‍යයේ රූප නිර්මාතෘවරයා ලෙස සැලකෙන ස්ටීවන් විල්හයිට් නිහතමානී මිනිසෙකු ලෙස ලෝකයේම ආදරය දිනා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි.