යුක්රේන යෝජනා UNO මහ සභාවේදී සම්මතයි – ශ්‍රි ලංකාව ජන්ද දිමෙන් වැලකෙයි

යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්‍රමුඛ රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 11 වෙනි විශේෂ හදිසි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 135 කින් සම්මත විය.

යුක්රේනය පිළිබඳ මෙම යෝජනාව මහ සභා හදිසි සැසිවාරයේදී යෝජනාවට පක්ෂව 140 ඡන්ද ලැබුණු අතර විපක්ෂව රුසියාව, උතුරු කොරියාව, එරිත්‍රියාව, බෙල්රුසය සහ සිරියාව ඡන්දය ලබා දුන්නේය. චීනය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 38 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මෙහිදී යුක්රේනයේ රුසියානු හමුදා සිදුකරන විශේෂ හමුදා මෙහෙයුම හේතුවෙන් සිවිල් වැසියන් අනතුරට පත්වීමත්, බොහෝ සිවිල් වැසියන් සරණාගත තත්ත්වයට පත් වීමත් හේතුවෙන් සාමාජික රටවල් විසින් විවේචන රුසියාව වෙත එල්ල කරනු ලැබුණි. මේ හේතුවෙන් සාමාජිකයන් 193 සිටින එක්සත් ජාතීන්ගේ මහ සභා රැස්වීමේදී දෙවැනි වතාවටත් රුසියාව හුදකලා විය.

Werzuo Digital

Leave a Reply