ඉන්දිය වෙරළින් ශ්‍රි ලංකාවට පැමිණෙන සමනලුන්

කළු, සුදු සහ තද රතු පැහැති වර්ණයෙන් විචිත්‍රවත් “ක්‍රිම්සන් රෝස්” සමනළුන් දහස් ගණනක් ඉන්දියාවේ සිට දිවයිනට පැමිණීම සඳහා ගමන් ආරම්භ කර තිබෙන බව ද හින්දු වෙබ් අඩවිය වාර්තා කළේය..

දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් හි ධනුෂ්කොඩි වෙරළේ සිට මෙලෙස සමනළුන් ශ්‍රී ලංකාවට ගමන් අරඹා ඇති බව එම වාර්තා සදහන් කළේ.

2016 වසරේ සිට මෙලෙස ඉන්දියාවේ සිට සමනළුන් දිවයිනට පැමිණෙන බවට නිරීක්ෂණය කර ඇති තිබේ..

ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේ අවසාන නැවතුම වන ධනුෂ්කොඩි වෙරළේ ගස්වල ඇති මල්වල සමනළුන් තත්ත්පර තිහක පමණ කාලයක් හිඳ මල් පැණි බී මෙලෙස සිය ගමන ආරම්භ කරන බව ඉන්දීය පරිසරවේදීන් නිරීක්ෂණය කර ඇති බවද එම වාර්තා සදහන් කලේය..

ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ මන්නාරමට කිලෝමීටර් 25 ක පමණ දුරක් පවතින අතර ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින අවම දුරක් මෙලෙස “ක්‍රිම්සන් රෝස්” සමනළුන් සිය ගමන් මාර්ගය ලෙස තෝරා ගන්නා බවද පරිසරවේදීන් උපුටා දක්වමින් එම වාර්තා සදහන් කලේය..

මෙරට සමනළුන් වර්ග 248 ක් පමණ ජීවත් වන අතර, ඉන් ශ්‍රී ලංකාවට ආවේණික සමනළුන් සංඛ්‍යාව 31 ක් සිටින අතර ඒ අතරින් සමනළුන් වර්ග 60 ක් පමණ රට තුළ සංක්‍රමණය වන බව වාර්තාවේ..

Werzuo Digital

Leave a Reply