ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණයට පළමුවරට මුස්ලිම් විනිසුරුවරයෙකු පත් කෙරේ

ඊශ්‍රායලය ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්ත්රීර විනිසුරුවරයකු ලෙස මුස්ලිම් ජාතිකයකු පත්කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

කලිඩ් කාබුබ් නම් මුස්ලිම් ජාතික විනිසුරුවරයා පත් කිරීමට එරට බලධාරීන් පියවර තිබේ.ඒ අනුව එම ශ්‍රේෂ්ඨධිකරණය වෙත ස්ථිරවම පත්වූ පළමු වැනි මුස්ලිම් ජාතික විනිසුරුවරයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි.

හැට තුන් හැවිරිදි කලිඩ් මීට පෙර ටෙල් අවිවි නුවර දිස්ත්‍රික් අධිකරණය විනිසුරුවරයා ලෙසින් ද කටයුතු කර තිබේ.ඊශ්‍රායලයේ ජෆා දී උපත ලබා ඇති මොහු ටෙල් අවිවි විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය සහ ඉස්ලාම් ආගම පිළිබඳ අධ්‍යාපනය සහ නීති උපාධිය ද ලබා ගෙන තිබේ.

විනිසුරු වරයකු බවට පත්වීමට පෙර ඔහු වසර ගණනක් නීතිඥවරයකු ලෙස කටයුතු කර තිබේ

වර්තමානයේ දී ඊශ්‍රායලය ජනගහනයෙන්  20% අරාබි මුස්ලිම් ජාතිකයන්ගෙන් සමන්විත වන අතර, 2003 වසරේ සිට එරට ශ්‍රේෂ්ඨාධිකරණය සදහා මුස්ලිම් ජූරි සභිකයන් පත්ව තිබුණි. එහෙත් එතෙක් එම ජූරි සභාව වෙනුවෙන් පත්ව තිබුණේ ක්‍රිස්තියානුවන් පමණි.

මිට පෙර ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මුස්ලිම් විනිසුරුවරයෙකු තාවකාලිකව ලෙස පත්ව තිබුණි.

ඊශ්‍රායල – පලස්තීන අර්බුදය සම්බන්ධ නඩු මෙන් ඊශ්‍රායල හමුදාව මගින් බටහිර ඉවුරේ සිදුකළ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීම ඊශ්‍රායල් ශ්‍රේෂ්ඨාධිකරණ තුළදි සිදු වෙයි.


                          විනිසුරු කලිඩ් කාබුබ්

Werzuo Digital

Leave a Reply