රූමස්සල කන්දේ වරාය අධිකාරිය යටතේ පාලනය වන ඉඩම් කොටස තුල ගාල්ල වරායට මුහුණලා මෙම පොකුණ පිහිටා ඇත.වෙරළේ ඉමේ සිට අඩි 10 ක් පමණ තරම් ආසන්නයේ මුහුදු මට්ටමේ සිට මිටර 1/2 පමණ උසින් සහ දිග සහ පළල අඩි 50 පමණ වන අකාරයේ මෙම පොකුණ පිහිටා තිබේ.ඉතාමත් පිරිසිදු මිරිදියෙන් පිරි ඇති මෙම පොකුණ දැනට ජරාවාස වි තිබුණද දැනටත් ඇත්තේ කරදිය නොවිමද සුවිශේෂි කරුණකි. මුහුදට ආසන්න පිහිටි මෙම පිරිසිදු ජල තටාකය ස්වභාව ධර්මයේ විශිෂ්ට නිර්මාණයකි.
නැගෙනහිර ආසියාව හා අරාබිකරය හරහා යා කරන ලද සේද මාවත ශ්රි ලංකාවට දකුණින් වැටි තිබුණු අතර එම සේද මාර්ගයේ ගමන් ගත් රුවල් නැව් සඳහා වු ප්රධාන තොටුපළක් වුයේ ගාලු වරාය වු අතර ඕලන්ද යුගයට පෙර සිටම එකි රුවල් නැව් සඳහා ජලය ලබාගෙන ඇත්තේ මෙම පොකුණින් බව පැවසේ. ඕලන්ද යුගයෙන් පසුව ඉංග්රිසි පාලන සමයේදිත් මේ අකාරයට ජලය ලබාගැනිම සඳහා මෙම පොකුණ භාවිතා කරන ලද අතර 1960 පමණ තෙක්ම මෙම ස්ථානයේ භාවිතා කරන ලද විශාල වතුර මෝටරය සහ මුහුදට එලන ලද බටත් තිබු බව මෙම ප්රදේශයේ ජිවත්වන වැඩිහිටියන් ප්රකාශ කරයි.
මෙම පොකුණ වටා ඕලන්ද යුගයේදි විශාල කළුගල් බැම්මක් බැඳ පොකුණ අපිරිසිදු විම වලක්වා අරක්ෂා කර තිබි ඇති අතර එම ගල් බැම්ම 1965 වර්ෂයේ බලයට පත්වු රජය විසින් රූමස්සල ආශ්රිතව වරායන් ඉදි කිරිම සඳහා කරන ලද ගල් කැඩිම නිසා මෙම ගල් බැම්මද ගලවා දමන ලද බව මෙම ප්රදේශයේ අදටත් ජිවත්වන වැඩිහිටියන් ප්රකාශ කරයි.
රූමස්සල ඕලන්ද මිරිදිය පොකුණ
කෙසේ වුවත් ස්වභාව ධර්මයේ අපූරු දයාදයක් වු මෙම පොකුණ අද වන විට මඩ වලක් බවට පත්වි ඇති අතර එම ස්ථානයට පැමිණෙන අයගේ ක්රියාකරකම් හේතුවෙන් එය දිනෙන් දින විනාශයට පත්වෙමින් ඇත.
එසේම මෙම පොකුණට මදක් දුරින් පිහිටා තවත් කුඩා ලිඳක් පිහිටා ඇති අතර එහි විශ්කම්භය අඩි 4 ක් පමණ වු ගැඹුරින් අඩි 5 ක් පමණ වේ. වසර පුරාවටම මෙම කුඩා ලිඳ පිටාර ගලන අතර එයද මේ වන විට ඇත්තේ ඉතාම අපිරිසිදු තත්ත්වයකිනි. ඒ අනුව ස්වභාව ධර්මයේ අපුරු දයාදයක් වු මෙවන් ස්ථානයන් සංරක්ෂණය කර අනාගත මතු පරපුරට උරුම කරදිම ජාතික වගකිමක් ලෙස සැලකිය හැක්කේ ලෝක පානීය ජල අර්බුදය හමුවේ ඊට කදිම පිලියමක් මෙම පොකුණ තුලින් සොයාගත හැකිවන බැවිනි
✍️ ෆර්හාන් නිසාම්දින්