රූමස්සල අභිරහස් පහන් කුළුණ (රූමස්සල විත්ති 05)

රූමස්සල කන්දේ මුදුන් භූමියක ඇති ඉපැරණි කාලවර්ණ ටැඹක් (කුළුණක්) අද පවා මහත් කුතුහලයක් දන්වන්නේය. එය උසින් අඩි 60ක් පමණ වන අතර කුමන කටයුත්තක් සඳහා ඉදිකළාද පැහැදිලි නොමැත..


1875 වර්ෂයෙදි  ඉදි කරන ලද බවට සඳහන්ව ඇති මෙම කුළුණ ව්‍යාජ පහන් කණුවක් වන බවත් මුහුදින් පැමිණෙන සතුරු යාත්‍රා මුලා කර මුහුදේ ගිල්වා දැමිමට මර උගුලක් ලෙස භාවිතා කර ඇති බව සදහන් වේ


පහන් කුළුණේ ඉදිකල බවට සදහන් කර ඇති නාම පුවරුව 


ගාලු වරාය දෙසට පැමිණෙන යාත්‍රා සඳහා මඟ පෙන්වන ලද සැබෑ ප්‍රදීපාගාර කුළුණ කොටු පවුර මත පිහිටා තිබෙන අතර මෙහිදි සිදුකර ඇත්තේ සතුරු යාත්‍රා හඳුනාගැනිමෙන් පසු ගාලු කොටු පවුර මත සැබෑ පහන් කණුවේ පහන් නිවා දමා රූමස්සල කන්දේ පිහිටි මෙම ව්‍යාජ පහන් කණුවේ පහන් දල්වා සතුරු යාත්‍රා මුලා කර බෝනවිස්ටා ගල්පරයේ හැපෙන්නට සලස්වා ගිල්වා දැමිමයි.


මේ අතර මෙය මිනුම් කටයුතු සඳහා ඉදිකල කුළුණක් ලෙස භාවිතා කල බවටද තවත් මතයක් පවතී.නමුත් වර්ෂ 1921 වසරේ කුළුණ නිරීක්‍ෂණය කළ ආර්.එල්. බ්‍රෝහියර් මහතා පවසා ඇත්තේ, එය මිනින්දෝරු කටයුතු සඳහා ඉදිකළ ත‍්‍රිකෝණමිතික ස්ථානයක් බවයි.


එහි දැන් පහනක් නොදැල්වුවත් එම කණුව මුහුදට හොඳින් පෙනෙන බව මුහුදු යන ධීවරයන් පැවසිය..


කණගටුවට කරුණ නම් අද වන විට මෙම කුළුණ සංරක්ෂණ නොකිරිම හේතුවෙන් එය කඩන් වැටිමේ තර්ජනයට ලක්ව ඇති බව එහි ගිය අපට දක්නට ලැබුණි


✍️ ෆර්හාන් නිසාම්දින් 




Werzuo Digital

Leave a Reply