සීදුව සහ තංගල්ලේ මනුෂ්‍ය ඝාතන දෙකක්

අද (07) අලුයම සීදූව පොලිස් වසමේ ලියනගේමුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙක්ව කපා කොටා ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 45 හැවිරිදි ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය අවස්ථාවකට සහභාගී වී සිටිය දී පුද්ගලික ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය කර ඇතැයි විමර්ශනයේ දී හෙළි වී තිබේ.

ඝාතනයට සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සීදුව පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබයි.

මේ අතර, තංගල්ල පොලිස් වසමේ ඉහළගොඩ ප්‍රදේශයේ දී ඊයේ (06) රාත්‍රියේ තියුණූ ආයුධයකින් පහර දී බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයෙක් නාකුළුගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි ඉහළගොඩ, මෙරකැටිආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා හා ඔහුගේ ඥාතීන් අතර ඇති වූ පැරණි අමනාපයක් මත ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහරදී අදාළ මරණය සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply