රටින් ආ කෝටි 6ක විෂ මත්ද්‍රව්‍ය තොගයක් සීදුවෙන් අල්ලයි

ඇමෙරිකාව, ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කූරියර් පාර්සල් 07 ක් ලෙස එවා තිබූ රුපියල් කෝටි හයක් වටිනා විශ මත්ද්‍රව්‍ය තොගයක් සීදුව පිහිටි පෞද්ගලික භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (07) දින සවස අත් අඩංගුවට ගෙන තිබේ.

අදාල කුෂ් මත්ද්‍රව්‍ය, අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් එහි තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන ඇත.

සීදුව ප්‍රදේශයේ පිහිටි භාණ්ඩ නිෂ්කාසන ආයතනයක් වෙත එවා තිබූ එම පාර්සල තුළ කුෂ් නමැති ගංජා කිලෝග්‍රෑම් 08ක්, මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160ක්, එක්ස්ටසි මත්පෙති 350ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08ක් තිබී ඇත.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කිහිපයක් වෙත කුරියර් කිරීම සඳහා එම පාර්සල් එවා තිබේ.

දැනට ගණන් බලා ඇත්තේ එහි වටිනාකම රුපියල් කෝටි 06ක් පමණ වන බවටය.

මෙම පාර්සල්වල සඳහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේදී ඒවා ව්‍යාජ ලිපිනයන් බවට කරුණු අනාවරණයවීමත් සමග මෙම පාර්සල් විවෘත කර පරීක්ෂාකර බැලීමට රේගු නිලධාරීන් තීරණය කර තිබුණි.

ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතය.

Werzuo Digital

Leave a Reply