වැලිගම රිය අනතුරකින් තරුණයෙකු මරුට

වැලිගම – අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ දෙනිපිටිය ප්‍රදේශයේ පුද්ගලික බස් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් අද (06) සවස සිදුවූ මාරක රිය අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කල තරුණයකු මියගොස් රියදුරු බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කළ බව වැලිගම පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ වැලිගම කෝට්ටගොඩ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉර්සාන් නැමති 21 හැවිරිදි තරුණයෙකි.

මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථය පදවා ගෙනා වැලිගම ගල්බොක්ක ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු බවද පොලිසිය පවසයි

බස් රථය අකුරැස්ස සිට වැලිගම බලා ධාවනය වෙමින් තිබියදි වැලිගම සිට දෙනිපිටිය දෙසට වේගයෙන් ධාවනයේ වෙමින් තිබූ ත්‍රිරෝද රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මුහුණට මුහුණලා ගැටී මෙම අනතුර සිදුව තිබෙන බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මියගිය තරුණයාගේ මෘත දේහය වැලිගම වලාන රෝහලේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හෙට (07) සිදු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (07) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුර සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply