මැදපෙරදිග ගාසා තීරයේ පවතින යුද උණුසුම හේතුවෙන් ලෝක බොර තෙල් මිල වැඩිවෙමින් පවතින බව විචාරකයෝ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල 5.7%කින් වැඩිවූ අතර එය සඳහන් වූයේ ඩොලර් 91.20ක් ලෙසය.
නමුත් අද (16) ද බොර තෙල් මිලෙහි වැඩි වෙනසක් සිදුනොවිණි.
ඊශ්‍රායෙල් – හමාස් අර්බුදය අනෙකුත් ප්‍රදේශවලටත් පැතිරයාමට ඉඩ ඇති බැවින් එය ලෝක බොර තෙල් වෙළෙඳපොළට සුබදායී පණිවුඩයක් නොවන බව විචාරකයින් උපුටා දක්වමින් එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය