ගාල්ල කොටුව පරවා වීදියේ පිහිටි සංචාරක හෝටලයකට අයත් විශාල තාප්පයක් ඊයේ රාත්‍රියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (01) අළුයම කඩා වැටී තිබේ.
මෙම අනතුරින් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර එම ස්ථානයේ නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකකට බරපතළ හානි සිදු ව තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම තාප්පයේ අනතුරුදායක බව සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ගාලු උරුමය පදනම, ගාල්ල මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබූ බවය.
ඒ අසල පිහිටි ගාල්ල සවුත්ලන්ඩ් සහ ඕල්සෙන්ට් විද්‍යාලයේ සිසුන්, විදෙස් සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් මෙම මාර්ගයේ ගමන් ගන්නා බවත් අලුයම සිදු වූ නිසා සිදුවන්නට ගිය මහා අනතුරක් වැළකී ගිය බවද ඔවුන් පවසයි.