ගාල්ල ධීවර වරායෙන් පසුගිය 2022 වසරේ අගෝස්තු 10 වෙනිදා හමුවු තුවාල වුණු කොළ කැස්බෑවා දොඩන්දූව සමුද්‍ර සංරක්ෂණ මධ්‍යස්ථානයේදි ප්‍රතිකාර කර නැවත මුහුදට නිදහස් කිරීම ඉකුත් 26 වන දින සිදු කෙරුනා.
මෙම කැස්බෑවා වනජීවී නිලධාරීන්ට හමුවන අවස්ථාවේදි පොලිතින් ගිලීම හේතුවෙන් උදරය පිම්බි මුහුදු ජලය මත පාවෙමින් ගල්පරවල වැදී අවල් පත් කැඩී තුවාලවී සිට තිබේ
ආහාර ගැනීමටද අපහසුවෙන් සිටි මෙම කැස්බෑවා දොඩන්දූව සමුද්‍ර සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙනවිත් අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරිමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.
වයස අවුරුදු 7ක් පමණ වන ගැහැණු කැස්බෑවකු ලෙස හදුනාගත් මෙම කැස්බෑවා සම්පූර්ණයෙන්ම සුව වීමෙන් පසුව නැවත මුහුදට නිදහස් කිරීමට කටයුතු කළ අතර එහිදි කැස්බෑවා නිදහස් කිරීමට පෙර මුහුදේදී ආහාර සොයා ගැනීමට හැකිවන පරිදි කැස්බෑවා පුහුණුවකටද ලක් කර තිබේ.