දිස්ත්‍රික්ක තුනකට නායායෑම් පිළිබඳව අනතුරු ඇඟවීමක්

පසුගිය පැය 24 තුල සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබි ඇති බැවින් කළුතර කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මතුගම ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට,

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

වර්ෂාව නවදුරටන් පවතී නම් නායයෑමේ බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ පස්කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම් පිළිබදව විමසිලිමත් වන ලෙස එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Werzuo Digital

Leave a Reply