කුවේටයේදී ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඇතුළු පස්දෙනෙකු එල්ලා මරා දමයි

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු 05දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරමින් කුවේටයේදී එල්ලා මරා දමා ඇති බව AP පුවත් සේවය වාර්තා කළේය.

ඒ 2015 වසරේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 27 දෙනකුට මරු කැඳවූ ISIS ප්‍රහාරයට සම්බන්ධ වු මුස්ලිම් පල්ලියට පහර දුන් පුද්ගලයාට , මිනීමැරුම්වලට වරදකරුවන් වූ තිදෙනෙකු ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

කුවේට් මධ්‍යම බන්ධනාගාරයේදී මෙම රැඳවියන් එල්ලා මරා දමා ඇති බව කුවේට් රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

AFP සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම වසරේ පමණක් පුද්ගලයින් 74 දෙනෙකු මරා දමා ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply