යතුරුපැදියක් දුම්රියේ ගැටී තරුණයෙකු ජිවිතක්ෂයට

හබරාදුව තල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ගාල්ල සිට මාතර බලා ධාවනය වු මන්දගාමී දුම්රියේ අද (27) සවස යතුරුපැදියක් ගැටී එහි ගමන් ගත් තරුණයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හරුමල්ගොඩ හබරාදුව පදිංචි 23 හැවිරිදි තරුණයෙකු බවද පොලිසිය පවසයි.

මෘත දේහය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply