Online ලියාපදිංචියේ දුර්වලතා නිසා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක්

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමේදී සිදුව ඇති දුර්වලතා හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක් සිදුව ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

පවතින තත්ත්වය මත ඉදිරිපත් වී ඇති අයදුම්කරුවන් තිස්පන්දහසකට අධික ප්‍රමාණයෙන් නිකුත් කිරීමට හැකිව ඇත්තේ විදෙස් ගමන්බලපත්‍ර 3,700 ක් පමණක් බව වාර්තාවේ.

මේ වන විට ලැබී ඇති අයදුම්පත් අතරින් 28,959 ක් සාමාන්‍ය අයදුම්කරුවන් වන අතර අයදුම්පත් 6,186ක් එක්දින අයදුම්කරුවන්.

බොහෝ අයදුම්කරුවන් ඇගිලි සළකුණු නිසි පරිදි සටහන් නොකිරීම, ජීව දත්ත නිසි පරිදි යොමුනොකිරීම සහ ලිපිලේඛන මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමුකිරීමේදී නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ යොමු නොකිරීම වැනි දුර්වලතා පෙන්නුම් කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇමතීමෙන් හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කරගැනීමෙන් ගැටලු නිරාකරණය කරගැනීමෙන් අනතුරුව නිවැරදි අයදුම්පත් යොමුකරන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Werzuo Digital

Leave a Reply