ඇල්ල ආරුක්කු නවය පාලම ආශ්‍රිත ප්‍රදේශයේ ගින්න නිවීමට ගුවන් හමුදාව කැඳවයි

ඇල්ල ආරුක්කු පාලම අසල රක්ෂිතයේ  හටගෙන ඇති ගින්න මේ වනවිට අක්කර සියයක් පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි වාර්තා වේ.

ගින්න නිවා දැමීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද (23) පස්වරුවේ යොදා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

මෙම රක්ෂිතයේ ගින්න ඊයේ (22) රාත්‍රි හටගත් අතර පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමඟ සුලං හේතුවෙන් ගින්න සීග්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවද එම කාර්යාලය පැවසීය.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වන ජිවි අංශ, ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමේ කටයුතුවල මේ වනවිටත් නිරත වන අතර ප්‍රදේශයේ පවතින වියළි ස්වභාවය සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් එම කටයුතු අපහසු වී ඇති බව වාර්තා වේ.

පසුව දියතලාව ගුවන් හමුදා කදවුරේ ගුවන් හමුදා නිලධාරීන් තිහක පමණ කණ්ඩායමක් හෙලිකොප්ටර් යානයක් ද යොදා ගනිමින් අද පස්වරුවේ ගින්න නිවා දැමීමේ කටයුතු සදහා සහභාගි වි තිබේ.

මේ වන විට උඩරට දුම්රිය මාර්ගයට ගින්න පැතිරීම වැළැක්වීම සඳහා ද ආරක්ෂක අංශ ගින්න පාලනය කිරීමට පියවර ගනිමින් සිටින බව එහි සිට ලැබෙන වාර්තා සඳහන් කළේය.

මේ හේතුවෙන් වන සතුන් විශාල පිරිසක් මියගොස් ඇති බවද වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply