ගාල්ලෙන් හමුවු දුර්ලභ වර්ගයේ පොළොන් මව සහ පැටවුන්

ගාල්ල උඩුගම කන්නෙලිය ප්‍රදේශයේ තේ ඉඩමක සිටියදී හමුවූ පොළොන් මවක් පොළොන් පැටවුන් දාහත් දෙනකු බිහිකොට ඇත. වැසි වනාන්තර ප්‍රදේශයක් වන කන්නෙලිය ප්‍රදේශයේදී හමු වූ මෙම පොළොන් විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික බොහෝ දුර්ලභ පොළොන් විශේෂයක් බව පරිසරවේදී විෂාන් පුෂ්පලාල් මහතා පවසයි.

කන්නෙලිය තේ ඉඩමකදී හමු වූ මෙම සත්වයා සුදුසු පරිසරයකට මුදා හැරීම සඳහා රැගෙන යමින් සිටියදී පොළොන් පැටවුන් බිහි කළ බව විෂාන් පුෂ්පලාල් මහතා වැඩිදුරටත් පැවසූ අතර, මෙම සර්පයා බිහි කරනු ලැබූ පොළොන් පැටවුන් දාහත් දෙනකුගෙන් සිවු දෙනකු උපතේදී මියගිය බවත් අනිකුත් සතුන් නීරෝගිව සිටින බව ද පවසන විෂාන් නුදුරු දිනකදී මෙම පොළොන් පැටවු සුදුසු පරිසර පද්ධතියකට මුදාහැරීමට කටයුතු කරන බවද පරිසරවේදී විෂාන් පුෂ්පලාල් මහතා තවදුරටත් සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply