යුරෝපයේ බිහිසුණු සංක්‍රමණික යාත්‍රා අනතුරකින් විශාල පිරිසක් මරුට

ග්‍රීසියට අයත් මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක් වු ධීවර යාත්‍රාවේ සංක්‍රමණිකයින් 750ක පමණ පිරිසක් සිට ඇති බව වාර්තා වී තිබේ.

ඉන් සිය දෙනෙකු පමණ ළමුන් බව සිද්ධියෙන් දිවි ගලවා ගත් පිරිස් ප්‍රකාශ කර ඇත.

යුරෝපයේ දරුණුතම සංක්‍රමණික යාත්‍රා අනතුරක් ලෙස සැලකිය හැකි මෙම අනතුරින් මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී ඇත්තේ පුද්ගලයින් 78 දෙනෙකු පමණක් බව සඳහන් වෙයි.

යාත්‍රාවේ සිටි පුද්ගලයින් 104 දෙනෙකු ග්‍රීක බලධාරීන් විසින් මුදාගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නීති විරෝධීව පුද්ගලයින් සංක්‍රමණය කිරීමේ මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 9දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරය ඊජිප්තු ජාතිකයින් බවය.

Werzuo Digital

Leave a Reply