කුඩා බලු පැටවුන් අතර හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක්

හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් කුඩා බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා පවසයි.

මෙම ශ්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් නොමැති බවයි වාර්තාවේ.

මාස 8ට අඩු සුරතල් සතුන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැක බලා ගන්නා ලෙසයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

හුස්ම ගැනීමේ අපහසුතාව හා වේගයෙන් හුස්ම ගැනීම වමනය හා පාචනය, විදුරු මස අවපැහැ ගැනීම (සුදුමැලි බව), කෑම අරුචිය, කම්මැලි බව මෙහි රෝග ලක්ෂණයක් වන අතර දෙමුහුන් පැටවුන් අතර මෙය ශීඝ්‍ර ලෙස පැතිර යන බවද සොයා ගෙන තිබෙනවා.

මේ වන විට මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය හා මාතලේ ප්‍රදේශ තුල මෙය බහුල ලෙස පැතිර ගොස් ඇති අතර ගම්පොල, නාවලපිටිය, ගිනිගත්හේන හා හැටන් ප්‍රදේශ තුල සිටින බලු පැටව් අතරින් සියයට 80ක ප්‍රමාණයක් මෙම රෝගයට හොදුරු වී ඇති බව සඳහන්.

මෙය වළක්වා ගැනීම සඳහා කුඩා පැටවුන් හට යෝගට් ඇතුළු ශීත ආහාර මෙන්ම එළකිරි දීමෙන් වළකින ලෙසත් පැටවා මාස හතර පහක් යනතුරු නෑවීමෙන් වළකින ලෙසයි පශු වෛද්‍ය උපුල් සාගරතිලක උපදෙස් ලබා දෙමින් පවසා සිටියේ.

Werzuo Digital

Leave a Reply