වව්නියාව කන්නට්ටිය ප්‍රදේශයේ අද (16) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ ඇයගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් සහ 6 හැවිරිදි වියේ පසුවූ ඇයගේ කුඩා දියණියයි.
දියණිය පාසල වෙත රැගෙන යාම සඳහා ප්‍රධාන මාර්ගය අසළ රැඳී සිටියදී ඔවුන් කැන්ටර් වර්ගයේ ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.
අනතුරත් සමඟ ටිපර් රථයේ පැමිණි තිදෙනෙකුගෙන් එක් අයෙකු පළාගොස් ඇති අතර අනෙක් දෙදෙනා ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී ඇත