11 හැවිරිදි දැරියක් දුෂණය කල චුදිතයෙකුට වසර 15 බරපතළ වැඩ සහිත සිරදඬුවම්

11 හැවිරිදි දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරුවු චුදිතයෙකුටය පානදුර මහාධිකරණය විසින් ඊයේ (14) වසර 15ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබේ.

ඉංගිරිය පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකුට මෙම සිරදඬුවම් නියම කර තිබේ.

සිරදඬුවමට අමතරව රුපියල් 5,000 ක දඩයක් නියම කළ මහාධිකරණය එම දඩ මුදල නොගෙවන්නේ නම් චූදිතයාට තවත් මාසයක බරපතළ වැඩසහිත සිරදඬුවමක්ද නියම කළේය.

විත්තිකරු 2007 ජුනි මස 01 වනදා හෝ ඊට ආසන්න දිනක එවකට 11 හැවිරිදි වියේ පසුවූ දැරියක්ව සිටි සිය බිරිඳගේ පළමු කසාදයේ දියණියට මෙම අපරාධය සිදුකර තිබේ.

පිය සෙනෙහස ලැබිය යුතු දැරියක් දූෂණය කර ඇති බැවින් සමාජයට පණිවුඩයක් ගෙනදෙන ආකාරයේ උපරිම දඬුවමක් නියම කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි රජයේ අධිනීතිඥ අකලංක බාලපටබැඳි මහතා මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Werzuo Digital

Leave a Reply