රාජ්‍ය නිලධාරින්ට 2015 වසරේ ලබාදුන් යතුරු පැදිවල කොන්දේසි ඉවත්කර ඒවා අදාල නිලධාරින්ටම පවරා දිම ඇතුලු වාහන සම්බන්ධ ගැටලු විසඳිම සඳහා ජංගම සේවයක් හෙට (10) දවස පුරා ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදි පැවැත්වෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෙහිදි සිලින්ඩර් ධාරිතාවය 50ට අඩු ලියා පදිංචි නොකල යතුරු පැදි ලියා පදිංචි කිරිම, දීර්ඝ කාලයක සිට වාහන ආදායම් බලපත්‍ර ලබාගත නොහැකිව අසාදු ලේඛන ගතව ඇති වාහන සඳහා නැවත ආදායම් බලපත්‍ර ලබා ගැනිමට නිර්දේශ ලිපි නිකුත් කිරිම, ආබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබා ගැනිමට අවශ්‍ය තාක්ෂණික කමිටුවේ නිර්දේශ ලබාදිම, වාහනයේ ලියාපදිංචි සහතිකයේ සංශෝධන සිදු කිරිම ඇතුලු වාහන සම්බන්ධ ගැටලු වලට මෙම ජංගම සේවයේදි විසඳුම් ලබාදෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාරතමේන්තුව, ගාල්ල දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාරයාලය එක්ව මෙම ජංගම සේවය සංවිධානය කර ඇත