රිය අනතුරකින් හමුදා සෙබෙලෙකුට දිවි අහිමි වෙයි

හික්කඩුව පොලිස් වසමේ දොඩන්දුව පාලම අසල අද (09) අලුයම යතුරු පැදියක් සහ බස් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් යුද හමුදා සෙබෙලෙකු මියගොස් ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මහරගම යුද්ධ හමුදා කඳවුරේ සේවය කරනු ලබන ගාල්ල ඇත්තිලිගොඩ පදිංචි 33 හැවිරිදි හමුදා සෙබෙලෙකි.

කොළඹ දෙස සිට ගාල්ල දෙසට සිය නිවස බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදි කතරගම සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගැටි මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ හමුදා සෙබලා එම ස්ථානයේදිම මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනතුරෙන් පසු බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ඇත.

මියගිය අයගේ මෘත ශරිරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා බලපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply