වන අලි වලියෙන් අලියෙක් මරුට

වන අලි තිදෙනකු පහරදී මියගිය බවට සැකකරන වන අලියකුගෙ සිරුරක් වාලච්චේන පොලිස් වසමට අයත්, සාලම්බුචේන ගම්මානයේ බොරලු මාර්ගයක තිබී හමු වූ බව කිරාන් වනජීවී කාර්යාලය පවසයි.

වන අලි හතර දෙනකු ඉකුත් 30 වැනි දා එම ප්‍රදේශයේ සැරිසරා ඇති අතර, එම අලි සිව්දෙනා සටනක නියැලෙන ආකාරය ප්‍රදේශවාසීන් දැක ඇති බව වනජීවී නිලධාරීහු සඳහන් කරති,

වන අලියා වයස අවුරුදු 40 පමණ වන බවත්  පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අම්පාර වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් අද (31) සවස  සිදුකිරීමට නියමිත බවද කිරාන් වනජීවී කාර්යාලය පවසයි.

Werzuo Digital

Leave a Reply