තරුණියක් පැහැරගෙන සමූහ ලිංගික අපරාධයක් කරලා

කඩුගන්නාව හතරලියද්ද බුදු පිළිමය  ආසන්නයේ දී 18 හැවිරිදි තරුණියක ත්‍රිරෝද රථයකින් ආ හතර දෙනකු පැහැරගෙන ගොස්  පොත්තපිටිය කුරුලු වැව ඉස්මත්තේ දී එක් අයෙකු ඇය දූෂණය කර අනෙක් තිදෙනා ඇයට ලිංගික අතවර කර පලා ගොස් ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.

මෙම තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත.

පැහැරගෙන යෑමට යොදා ගත් ත්‍රීරෝද රථය තුළදීම එක් පුද්ගලයකු ඇය දූෂණය කිරීමෙන් පසු අනෙක් තිදෙනා ඇයට ලිංගික අතවර කළ බව තරුණිය පොලිසියට පවසා ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයකු දැනටමත් හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

Werzuo Digital

Leave a Reply