මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මළ සිරුර නිවසේ එල්ලෙමින් තිබියදී හමුවෙයි

මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයාග‍ෙසිරුර ඔහුගේ නිල නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී අද (31) පෙරවරුවේ සොයාගත් බව මීගමුව මූලස්ථාන පොලීසිය පවසයි.

ප්‍රාදේශීය ලේකම්වරයා රාජකාරි ස්ථානයට කැඳවාගෙන ඒමට රියදුරා නිල රථයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා පදිංචිව සිටින නිල නිවසට ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ප්‍රාදේශීය ලේකම්වරයා පෙනෙන්නට නොසිටි නිසා රියදුරා විපරම් කර බැලීමේදී ඔහුගේ සිරුර ලණුවකින් එල්ලෙමින් තිබෙන අයුරු දැක ඒ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෙසු නිලධාරින් සහ නිලධාරිනියක් ද දැනුවත් කර පසුව මේ ගැන පොලීසියට පැමිණිලි කර ඇත.

එය සියදිවි නසා ගැනීමක්ද නැතහොත් ඝාතනයක් ද යන්න මීගමුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Werzuo Digital

Leave a Reply