රියදුරුට නින්ද ගිය ජීප් රථය සිසුවිය බිලි ගනී

කුරුණෑගල, උහුමීය, ඩී.එස්. සේනානායක විදුහල ඉදිරිපිට බස් නැවතුම්පොළකට එකවරම කඩාවැදුණු ජීප් රථයක් එහි රැඳී සිටි පාසල් සිදුවියක් යට කරගෙන ගොස් සිදුවූ අවාසනාවන්ත අනතුරකින් අද (20) පෙරවරුවේ සිසුවිය මියගොස් ඇති බව පොලිසිය පවසයි .

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ, ඩී.එස්. සේනානායක මැදි විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි 17 හැවිරිදි සිසුවියකි.

මෙම අනතුරෙන් සිසුවිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබේ

සිසුවිය පෞද්ගලික පන්තියකට සහභාගී වීම සඳහා කුරුණෑගලට යාම සඳහා බසයක් එන තුරු බස් නැවතුම්පොලේ රැඳී සිටියදී එම අනතුරට ලක්වී ඇත.

මාර්ගයේ ගමන් කළ ජීප් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා‌ ගොස් සිසුවියද යට කරගෙන ගොස් දුරකථන රැහැන් කණුවක ද ගැටී නතරවී තිබුණි. 

රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

අදාළ අනතුර සම්බන්ධ‌යෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පිළියන්දල ගෝනමඩිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

Werzuo Digital

Leave a Reply