සංචාරක ආකර්ශණය දිනු කෝලිය ඇතාට වෙඩි තබා දළ යුගළ කපලා

මින්නේරිය ජාතික උද්‍යානවල හා රිටිගල ආශ්‍රිතව සැරිසැරූ “කෝලිය” නම් තරුණ දළ ඇතාට වෙඩි තබා මරා දළ යුගළය කපා ගෙන ගොස් ඇතැයි රිටිගල වනසත්ව අඩවි කාර්යාලය පවසයි.

ප්‍රදේශවාසීන් රිටිගල වනජීවී කාර්යාලයට කළ දැනුම්දීමකට අනුව වනජීවීන් කෝලිතගේ සිරුර සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් පොලිසියට ද පැමිණීලි කර තිබේ.

වයස අවුරුදු 15ක් පමණ වන මෙම දළ ඇතාට අඩි 02ක පමණ දිගකින් යුත් හොදින් වැඩෙමින් පැවැති දළ යුගළයක් හිමිව තිබූ බවත් එම ඇතා සංචාරක ආකර්ශණය දිනා ගෙන සිටි ඇතකු බවද වනජීවී නිලධාරීහු පවසයි.

Werzuo Digital

Leave a Reply