පියාගේ මන්න පහරින් පුතා ජිවිතක්ෂයට

ඉදුරුව ඇටවලවත්ත SOS සුනාමි ගම්මානයේ දී අද (15) රාත්‍රියේ පිය පුතු අතර ඇති වූ ගැටුමක් අතරතුර පියා එල්ල කළ පිහි පහරකින් පුතා මියගොස් ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ ඉදුරුව ඇටවලවත්ත පදිංචි 21 හැවිරිදි තරුණයකු බවද පොලීසිය පවසයි.

නිවසේදී පියා සහ පුතා අතර ඇතිවූ කතා බහක් දුර දිගයාමෙන් පසු මන්න පිහිය ගෙන පුතාගේ ගෙලට කොටා ඇති බවද පොලීසිය පවසයි.

ගෙලට පිහි පහර වැදී අසාධයව සිටි පුතා බළපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් 65 හැවිරිදි සැකකාර පියා අත් අඩංගුවට ගෙන ඇති අතර කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply